ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය අතර ද්විපාර්ශ්වික වෙළඳ මෙන්ම ආයෝජන අවස්ථා අතිශයින් පුළුල් වී ඇති බව ඉන්දීය ජනාධිපතිනිය ද්‍රෞපදී මුර්මු ප්‍රකාශ කර තිබේ.
ඓතිහාසික ඉන්දීය යුරෝපීය නිදහස් වෙළඳ සංගමයේ වෙළඳ සහ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමත් සමඟ මෙම නව අවස්ථා විවර වී ඇති බව ඇය පෙන්වා දී ඇත.
නවදිල්ලි නුවර පිහිටි ජනාධිපති මන්දිරය වෙත පැමිණි ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා ඉතා සාදරයෙන් පිළිගනිමින් ජනාධිපතිනිය මේ බව සඳහන් කර ඇති අතර, දෙරට අතර පවතින සමීප හා සුහදශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳවද ඇය අවධානය යොමු කර තිබේ.
විශේෂයෙන්ම, පිරිසිදු හා හරිත තාක්ෂණය මෙන්ම කෘතිම බුද්ධිය (AI) වැනි අලුතින් නැගී එන නවීන ක්ෂේත්‍රයන්හි ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම සඳහා දෙරටටම විශාල හැකියාවක් පවතින බවද ඇය පෙන්වා දී ඇත.
මෙම රාජ්‍ය සංචාරයට සමගාමීව ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ රාජ්‍ය භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද ඉන්දීය ජනාධිපතිනිය කටයුතු කර තිබේ.

