ඉදිකිරීම් කටයුත්තක් නිසා නව කැළණි පාලමේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග කිහිපයක් තාවකාලිකව වැසේ.

0
1

නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය යා කෙරෙන සම්බන්ධක මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව, අද (23) සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා විවිධ කාලසීමාවන් තුළදී මෙම මාර්ග වසා තැබෙන බව එම අධිකාරිය නිවේදනය කරයි.

මෙම කාලසීමාව තුළ රියදුරන් පහත විකල්ප මාර්ග භාවිත කළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි:

කටුනායක හෝ මහනුවර දෙස සිට ඉඟුරුකඩේ මංසන්ධිය සහ කොළඹ වරාය දෙසට ගමන් කරන වාහන: පෑලියගොඩ හෝ ඔරුගොඩවත්ත පිටවීමේ මාර්ග භාවිත කළ යුතුය.

ඔරුගොඩවත්ත දෙස සිට කොළඹ වරාය සහ ඉඟුරුකඩේ මංසන්ධිය වෙත ගමන් කරන වාහන: නව කැලණි පාලම ප්‍රදේශයේ බිම් මට්ටමේ මාර්ගය ඔස්සේ පෑලියගොඩ පිවිසුම භාවිත කළ යුතුය.

බොරැල්ල දෙසට ගමන් කරන වාහන: නව කැලණි පාලම ප්‍රදේශයේ බිම් මට්ටමේ මාර්ගය භාවිත කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here