ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපක 5.3ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබේ. අද (01) ඉන්දියානු වේලාවෙන් උදෑසන 6:59ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බව ඉන්දියාවේ ජාතික භූකම්පනවිද්‍යා මධ්‍යස්ථානය (NCS) තහවුරු කරයි.
අගනුවර වන කාබුල් නගරයට කිලෝමීටර 165ක් පමණ උතුරු-වයඹ දෙසින්, පොළොව මතුපිට සිට කිලෝමීටර 126ක ගැඹුරින් මෙහි කේන්ද්‍රය පිහිටා තිබූ බව වාර්තා වේ.

