ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අද

0
17

2026 ලෝක ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය අදට (ඔක්තෝබර් 01) යෙදී තිබේ. මෙවර ලෝක ළමා දිනය “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ පැවැත්වෙන අතර, ජාත්‍යන්තර වැඩිහිටි දිනය “දීර්ඝායුෂ යුගය, දිගු ජීවිත සඳහා පද්ධති පිළිබඳව නැවත සිතා බැලීම” යන තේමාව පෙරටු කරගනිමින් සැමරේ.

ලෝක ළමා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා කාලය “ලෝක ළමා දින ජාතික සතිය” ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු සියලු දෙනා ළමුන් ලෙස සැලකෙන අතර, දරුවන්ගේ මානසික සෞඛ්‍යය, සුබසාධනය, ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම, සමාජයට අනූපමේය සේවයක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අත්දැකීම් හා දායකත්වය අගයමින් ඔවුන් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් ද වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here