අස්වැසුම ප්‍රතිලාභ අද සිට බැංකු ගිණුම්වලට

0
16

මෙම මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මුදල් අද (14) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ. ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට අද දින සිට සිය බැංකු ගිණුම් හරහා එම මුදල් පහසුවෙන් ලබාගත හැක.

අස්වැසුම සුබසාධක වැඩසටහනේ පළමු සහ දෙවන අදියරයන් යටතේ ප්‍රතිලාභී පවුල් 1,197,728ක් සඳහා රුපියල් බිලියන 11.16ක මුළු මුදලක් මෙලෙස මුදා හැරේ.

මෙහි පළමු අදියර යටතේ පවුල් 985,283ක් සඳහා රුපියල් බිලියන 9.12ක මුදලක්ද, දෙවන අදියර යටතේ පවුල් 212,445ක් සඳහා රුපියල් බිලියන 2.04ක මුදලක්ද බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here