අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍යයට මුදා හරින ලද සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට

0
107

NEWSNOW | – අවුරුදු කාලයේ ඇසෙන ” සූර්යය මංගල්‍ලේ” ගීතය විකෘති කර සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරා බදු නිලධාරියකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම ගීතයේ මුල් ගායනය ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතා සහ රන්වල බලකාය එක්ව සිදු කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර තලාතුවය ප්‍රදේශයේ පදිංචි (31) හැවිරිදී සුරාබදු නිලධාරියෙකි.

අවුරුදු සමයේ නිතරම ඇසෙන සූර්ය මංගල්‍යය නම් ගීතය විකෘති කර කිසිවකු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව පරිගණක අපරාධ කොට්ඨාශයේ වයඹ පළාත් ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.