අල්ලස් ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ අධිකරණ රෙජිස්ට්‍රාර් 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

0
4

සරණ ගුණවර්ධන මහතාගේ සිරදඬුවම ලිහිල් කරගැනීම සඳහා ඔහුගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමට අනුබලදීමේ චෝදනාව මත අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (02) නියෝග කළේය.

සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here