අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි සොනාල් දිනූෂ සහ කමිඳු මෙන්ඩිස් ඉදිරියට

0
14

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 29ක් ඉදිරියට පැමිණෙමින් 25 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන පිතිකරු සොනාල් දිනූෂ සමත්ව තිබේ.

ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ඉනිම් 4කදී ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 420ක් රැස්කිරීම මෙම උසස්වීමට හේතු වූ අතර, ඔහු පසුගිය ශ්‍රේණිගත කිරීම්වලදීද ස්ථාන 49ක් ඉදිරියට පැමිණ තිබුණි.

මේ අතර ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් පිතිකරුවන් අතර 10 වැනි ස්ථානයට පත්ව ඇත.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්තයේ හැරී බෲක් ප්‍රථම ස්ථානය රැකගෙන සිටින අතර, ස්ටීවන් ස්මිත් දෙවැනි ස්ථානයටත් ජෝ රූට් තෙවැනි ස්ථානයටත් පත්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here