හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම මුහුදු තීරයේ සුළගේ වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා විටින් විට ඉහළ යා හැකි අතර, මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැක.
හෙට (04) පෙරවරු 10.30 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය හේතුවෙන්, අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතු කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

