දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, ශ්‍රී ලංකාවට එහි සෘජු බලපෑමක් නොමැති වුවද එම පද්ධතිය දෙසට ඇදී යන සුළං හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ද වාර්තා විය හැක.
මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 40-50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වලින් ප්‍රවේශම් වන ලෙස මහජනතාවට දැනුම් දෙයි.

