අද සිට හවස් වරුවේ ගිගුරුම් සහිත වැසි

0
28

අද (01) දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, පස්වරු 1.00න් පමණ පසුව බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි පතිත විය හැක.

සවස් කාලයේ ඇති වන ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here