අත්ලාන්තික් සාගරය ‘ට්රම්ප් සාගරය’ ලෙස නම් කරන ලෙස තමන් ගූගල් සමාගමෙන් විශේෂ ඉල්ලීමක් කළ නමුත්, එම ඉල්ලීම ගූගල් ප්රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් ප්රතික්ෂේප කරනු ලැබූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
විශේෂ උත්සවයකට එක්වෙමින් ට්රම්ප් මෙම අදහස් පළ කර ඇති අතර, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ අත්ලාන්තික් සාගරයේ නම වෙනස් කරන ලෙස තමන් ඉල්ලා සිටි අවස්ථාවේදී සුන්දර් පිචායි ඊට එකඟ නොවූ බවයි. ට්රම්ප්ගේ ප්රකාශයට අනුව, සාගර වෙනස් ස්වභාවයකින් යුක්ත වන බවත් ඒවා රටවල් රැසක් ආවරණය කරන විශාල ප්රදේශයක් වන බැවින් එවැනි නම වෙනස් කිරීමක ඉල්ලීමක් ඉටු කළ නොහැකි බවත් පිචායි පවසා ඇත.
මෙම අපූරු සිදුවීම වාර්තා වන්නේ, මීට මාස කිහිපයකට පෙර අමෙරිකාව තුළ ඔන්ටාරියෝ විලේ (Lake Ontario) නම ට්රම්ප්ගේ විධායක නියෝගයකින් ‘ලේක් ඇමෙරිකා’ (Lake America) ලෙස වෙනස් කළ බවට පළ වූ වාර්තාවලට පසුව වීම විශේෂත්වයකි.

