අක්ෂි රෝහලට රැගෙන ආ ශිරන්ති රාජපක්ෂ යළි රැගෙන යයි

0
24

රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී අද (09) පෙරවරුවේ කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත ඇතුළත් කළ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉන් යළි රැගෙන ගොස් තිබේ.

ඇසක පවතින හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (08) දිනයේදී ඇය බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

එහිදී ලබාදුන් වෛද්‍ය නිර්දේශ මත ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීම සඳහා අද උදෑසන ඇයව රෝහල වෙත රැගෙන එනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here