KFC සහ McDonald’s වැනි ආයතන හලාල් කවුන්සිලයේ කොන්දේසි සපුරාලීම නිසාමයි සහතික ලබා දී ඇත්තේ: මාධ්‍ය හමුවේදී හලාල් කවුන්සිලයේ ප්‍රධානියෙක් පවසයි!

0
3

කොළඹ වැල්ලවත්තේ පිහිටි ‘මෙරීන් ග්‍රෑන්ඩ්’ (Marine Grand) උත්සව ශාලාවේදී, ශ්‍රී ලංකා හලාල් කවුන්සිලයේ (HAC) අනුග්‍රහයෙන් සහ එහි සහතික කිරීම හලාල් නිෂ්පාදනය සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් එම කවුන්සිලයේ මහජන සම්බන්ධතා සභාපති අෂ් ෂේක් එම්.එම්. ඉර්ෆාන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2026 නොවැම්බර් 03 වන දින පවත්වන ලදී.

2013 වසරේදී මතුවූ ඇතැම් වාර්ගික ආතතීන් හේතුවෙන් හලාල් නිෂ්පාදන අධීක්ෂණය කරන සහ ඒ සඳහා සහතික නිකුත් කරන මෙම ආයතනය දැඩි අභියෝගවලට මුහුණ දුන් බවත්, එම ක්‍රියාකාරකම්වලට බාධා එල්ල වූ පසුබිමක් තුළ වුවද මෙම හලාල් ආයතනය මෙරට තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙහිදී පුළුල් පැහැදිලි කිරීමක් සිදු විය. ආහාර නිෂ්පාදන අංශය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල හලාල් ආයතනය මෙරට ක්‍රියාත්මක වන ආකාරය සහ හලාල් නිෂ්පාදන ප්‍රමිතියට නංවා තහවුරු කිරීම සඳහා අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව අෂ් ෂේක් එම්.එම්. ඉර්ෆාන් මහතා මෙහිදී තවදුරටත් පැහැදිලි කළේය.

විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වූ මෙම විශේෂ හමුවේදී, HAC හලාල් කවුන්සිලය ජාත්‍යන්තර මට්ටමින් පිළිගෙන ඇති ආකාරය සහ එහි තත්ත්ව සහතිකය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා අපනයන අංශයට කෙතරම් වැදගත් බලපෑමක් එල්ල කරන්නේද යන්න මෙන්ම, මෙරට ආර්ථිකයට හලාල් නිෂ්පාදන අංශයෙන් ලැබෙන විශාල දායකත්වය පිළිබඳවත් සවිස්තරාත්මකව කරුණු දැක්විණි.

මෙම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විසින්, ‘මෙකඩොනල්ඩ්ස්’ (McDonald’s) සහ ‘කේ.එෆ්.සී’ (KFC) වැනි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන විට, ඒවාට හලාල් සහතිකය ලබා දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ලදී.

ඊට පිළිතුරු ලබාදුන් අෂ් ෂේක් එම්.එම්. ඉර්ෆාන් මහතා සඳහන් කළේ, එම ආයතනවල පසුබිම් හෝ දේශපාලන ස්ථාවරයන් සෙවීමට වඩා, හලාල් කවුන්සිලයේ දැඩි කොන්දේසිවලට හා ප්‍රමිතීන්ට යටත්ව එම ආයතන සිය නිෂ්පාදන සඳහා සහතික ඉල්ලුම් කරන විට පමණක් ඊට අනුමැතිය ලබා දෙන බවයි. ඊට අමතරව, ගාසා හෝ පලස්තීන අර්බුදය හමුවේ ඊශ්‍රායලයට සහාය දක්වන කිසිදු ආයතනයක් හලාල් කවුන්සිලය විසින් දිරිගැන්වීමක් හෝ අනුමත කිරීමක් සිදු නොකරන බවද හෙතෙම අවධාරණය කළේය.

මෙම සුවිශේෂී අවස්ථාවේදී, හලාල් කවුන්සිලයේ සේවාවන් මාධ්‍යවේදීන්ට අවබෝධ කර දීම සඳහා සංවිධානය කරන ලද මෙම හමුවේදී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න සඳහා හලාල් කවුන්සිලයේ බලධාරීන් විසින් සුදුසු පිළිතුරු සහ පැහැදිලි කිරීම් ලබා දෙන ලදී.

මෙරට ආර්ථිකයට මෙන්ම පිරිසිදු ආහාර පාන සැපයීමට හලාල් කවුන්සිලය ඉටු කරන සුවිශේෂී මෙහෙවර මෙහි පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ඇගයීමට ලක් වූ අතර, මෙම ආයතනයේ කාර්යභාරය මාධ්‍ය හරහා සියලුම භාෂාවලින් ජනතාව වෙත අඛණ්ඩව ගෙන යමින් කරුණු හුවමාරු කර ගන්නා ලෙසට හලාල් කවුන්සිලය මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්ද කරන ලදී.

පසුව, සහභාගී වූ මාධ්‍යවේදීන් ඇගයීම පිණිස විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනමන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here