ඩුබායි හි පැවැත්වීමට නියමිත DP World ILT20 5 වන අදියරේ ක්‍රීඩක වෙන්දේසිය (Player Auction) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 24 දෙනෙකුගේ නම් ඇතුළත් කර තිබේ.
මෙවර වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මිල ගණන් කාණ්ඩ 3ක් යටතේ වෙන් කර ඇත.
ඇමෙරිකානු ඩොලර් 80,000 කාණ්ඩය (Marquee / Base Price)
-
වනිඳු හසරංග
-
පැතුම් නිශ්ශංක
-
දසුන් ශානක
-
දුෂ්මන්ත චමීර
-
ඊෂාන් මලිංග
-
නුවන් තුෂාර
-
චරිත් අසලංක
-
කමිඳු මෙන්ඩිස්
-
කුසල් මෙන්ඩිස්
ඇමෙරිකානු ඩොලර් 40,000 කාණ්ඩය
-
කුසල් ජනිත් පෙරේරා
-
අවිශ්ක ප්‍රනාන්දු
-
බිනුර ප්‍රනාන්දු
-
දිල්ෂාන් මධුශංක
-
දුනිත් වෙල්ලාලගේ
-
මිලාන් රත්නායක
-
ඉසුරු උදාන
-
විජයකාන්ත් වියස්කාන්ත්
ඇමෙරිකානු ඩොලර් 10,000 කාණ්ඩය
-
සචින්දු කොළඹගේ
-
ගරුක සංකේත්
-
චමිඳු වික්‍රමසිංහ
-
දුෂාන් හේමන්ත
-
නුවනිඳු ප්‍රනාන්දු
-
තරිඳු රත්නායක
-
විෂේන් හැලඹගේ
තේරී පත් වූ ක්‍රීඩකයින් 24 දෙනාගෙන් 13 දෙනෙකු මුළු තරගාවලිය පුරාම ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටින අතර, ඉතිරි ක්‍රීඩකයින් 11 දෙනා කොටස් වශයෙන් (partial availability) ලබා ගත හැක.
-
Right-to-Match (RTM) හිමිකම්:
-
Desert Vipers: වනිඳු හසරංග
-
Gulf Giants: පැතුම් නිශ්ශංක සහ නුවන්තොෂාර
-
Dubai Capitals: දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර
-
Abu Dhabi Knight Riders: චරිත් අසලංක
-
MI Emirates: කමිඳු මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා
-
Sharjah Warriorz: කුසල් මෙන්ඩිස්
-
මෙවර වෙන්දේසිය සඳහා රටවල් 23කින් ක්‍රීඩකයින් 200කට වැඩි පිරිසක් ඉදිරිපත්ව සිටින අතර බාබර් අසාම් (Babar Azam), ෆිල් සෝල්ට් (Phil Salt), රහ්මානුල්ලා ගුර්බාස් (Rahmanullah Gurbaz), ෆෆ් ඩු ප්ලෙසිස් (Faf du Plessis) සහ ලියම් ලිවිංස්ටන් (Liam Livingstone) වැනි ජාත්‍යන්තර ප්රමුඛ පෙළේ ක්‍රීඩකයින් රැසක්ද ඊට ඇතුළත් වේ.

