ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-term foreign-currency default rating) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නැංවීමට ප්‍රමුඛ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch Ratings) පියවර ගෙන තිබේ.
බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කරමින් ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාව ලබා දුන් ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පදනම් කරගෙන මෙම ණය ශ්‍රේණිගත කිරීම උසස් කර ඇති අතර, එහි ඉදිරි අපේක්ෂාව (Outlook) ස්ථාවර මට්ටමේ පවත්වාගෙන ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පවතින ඉහළ රාජ්‍ය ණය ප්‍රමාණය, ණය වාරික ගෙවීමේ බර සහ තවමත් මධ්‍යස්ථ මට්ටමක පවතින විදේශ විනිමය සංචිත රටේ ණය පැතිකඩෙහි ඉදිරි වර්ධනයට තවදුරටත් බාධාවක්ව පවතින බව ද ෆිච් ආයතනය වැඩිදුරටත් අනතුරු අඟවයි.

