ඉදිරි දිනවලදී වැසි වැඩිවන බවට කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

0
15

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 26ක පුද්ගලයින් 94 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 3ක රඳවා තබා ඇති අතර, ගතවූ පැය 24 තුළ ඉහළම වර්ෂාපතනය (මි.මී. 85.6) ගාල්ල බෙන්තොටවත්තෙන් වාර්තා වී තිබේ.

අධික වර්ෂාව නිසා පොල්ගොල්ල සහ කුකුළේගඟ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති අතර, ගිං සහ කළු ගංගා ආශ්‍රිත පහත්බිම් කිහිපයක තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයන් පැවැතුණද, නිල්වලා සහ කැලණි ගංගාවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පවතී.

මේ අතර දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක ජනතාවට වහා ඉවත් වන ලෙස අදියර 3 යටතේ රතු නිවේදන නිකුත් කර තිබේ.

අද රාත්‍රී කාලයේ සිට ඉදිරි දින දෙක පුරා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බැවින් ගංගා නිම්න සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here