ChatGPT හි භාවිතයන් සෙවීමට සචින් ටෙන්ඩුල්කාර් සහ OpenAI අතර හවුල්කාරිත්වයක්

0
4

ChatGPT භාවිතා කළ හැකි අලුත් ක්‍රම හඳුනා ගැනීමට සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය පිළිබඳ තම අත්දැකීම් බෙදා ගැනීමට, OpenAI ආයතනය සමඟ විශේෂ හවුල්කාරිත්වයකට එළඹි බව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩා විශිෂ්ට සචින් ටෙන්ඩුල්කාර් නිවේදනය කර තිබේ.

සැප්තැම්බර් 28 වැනි සඳුදා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම සහයෝගීතාව පිළිබඳ තොරතුරු හෙළි කරමින් සචින් සඳහන් කළේ, එදිනෙදා ජීවිතයට ChatGPT ප්‍රයෝජනවත් කරගත හැකි තවත් ක්‍රම සොයා ගැනීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ChatGPT සමඟ කළ ගනුදෙනු මගින් සිය කුතුහලය තව තවත් වැඩි වූ බවත්, පවුලේ චාරිකාවක් සැලසුම් කිරීම ඇතුළු ප්‍රායෝගික වැඩකටයුතු සඳහා මෙම AI මෙවලම තමන්ට බෙහෙවින් උපකාරී වූ බවත් ඔහු පවසයි.

“ChatGPT මගින් මට තවත් කළ හැක්කේ මොනවාදැයි සොයා බලන්නත්, මට ප්‍රයෝජනවත් වන දේ අන් අය අතර බෙදාගන්නත්, තමන් උනන්දු වන ඕනෑම දෙයකට මෙය අත්හදා බලන්න වෙනත් අය දිරිමත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා,” යැයි ටෙන්ඩුල්කාර් සඳහන් කළේය.

මෙම හවුල්කාරිත්වය යටතේ ඉදිරියට “සිත්ගන්නාසුලු වැඩසටහන් කිහිපයක්” සැලසුම් කර ඇති බව පැවසූ ඔහු, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත.

ChatGPT හි එදිනෙදා ප්‍රායෝගික භාවිතයන් නිරූපණය කිරීම සහ ජනතාවගේ පෞද්ගලික උනන්දුව හා කාර්යයන් සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාදීම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here