හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල ප්‍රදේශයෙන් ගිලා බැසීමේ අවදානමක්

0
5

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, රොසැල්ල ප්‍රදේශයේ කොටසක් ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්. සාධික් මහතා පවසයි.

මේ හේතුවෙන් එම ස්ථානයේ රථවාහන ධාවනය දැනට එක් මංතීරුවකට පමණක් සීමා කිරීමට පියවර ගෙන තිබේ.

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හැටන් සිට කිතුල්ගල දක්වා වන මාර්ග කොටසේ පස්කඳු කඩා වැටීම් සහ ගස් කඩා වැටීමේ අවදානමක් ද පවතින බැවින්, එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැඩි විමසිල්ලෙන් සහ සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස විධායක ඉංජිනේරුවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here