පවතින කාලගුණික තත්ත්වය සලකා බලමින් පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු තීරයේ ධීවර කටයුතු යළි ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබේ.
එම මුහුදු ප්‍රදේශවල පැවති දැඩි සුළං තත්ත්වය යම් තරමකට සමනය වී ඇති බැවින්, අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ධීවර කටයුතුවල නිරත වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
කෙසේ වෙතත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු තීරය තවදුරටත් අවදානම් මට්ටමක පවතින බැවින් නැවත දැනුම්දෙන තුරු එම ප්‍රදේශවලින් මුහුදු යාමෙන් වළකින ලෙස ධීවරයන්ට අවධාරණය කෙරේ.
නිරිතදිග මෝසම් බලපෑම හමුවේ සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඕනෑම මොහොතක ඉහළ යා හැකි බැවින් සියලුම ධීවරයින් අනිවාර්යයෙන්ම ජීවිතාරක්ෂක කබා (Life jackets) පැළඳ සිටිය යුතු අතර, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද ධීවර දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

