පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම දිනූ රුමේෂ් තරංග දිවයිනට

0
7

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ඊයේ (04) දිවයිනට පැමිණියේය.

ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගාවලියේදී මීටර් 89.75ක විශිෂ්ට දුරක් හෙල්ල විසිකරමින් ශ්‍රී ලංකාවට මෙම රන් පදක්කම අත්කර දීමට ඔහු සමත් විය.

මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් 6වැනි රන් පදක්කම වේ. එසේම, 2006 වසරේ බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනාගත් රන් පදක්කමෙන් පසු වසර 20කට පසුව ශ්‍රී ලංකාවට හිමි වූ පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම ද මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here