හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමේ ලකුණු

0
9

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට දිනය ඇතුළත ඇති වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස සමුද්‍ර සන්ධිය යළි විවෘත වීම පිළිබඳ අපේක්ෂා ඉහළ යාමත් සමඟ ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තුළ පැවති සැපයුම් අවදානම් පිළිබඳ අවිනිශ්චිතතාවය සැලකිය යුතු ලෙස පහත බැස තිබේ.

එම සුබවාදී ප්‍රකාශයත් සමඟ ගෝලීය බොරතෙල් මිල ගණන් ද ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අතර, ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 75 දක්වාත් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here