අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.
2026 ජූලි 27 වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද ‘විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත’ සහ ‘අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත’ සඳහා නීතිපතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නිෂ්කාශනය ද මේ වන විට ලැබී තිබේ.
ඒ අනුව අදාළ සංශෝධිත පනත් කෙටුම්පත් ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිත අතර, අනතුරුව අවසන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

