අයහපත් කාලගුණය නිසා මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වසා දැමයි.

0
2

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකෙහි පිහිටි සියලුම පාසල් හෙට (04) දිනයේ වසා දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා තීරණය කර තිබේ.

ප්‍රදේශ රැසකට නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව, ගංවතුර තත්ත්වයන් සහ නායයෑමේ දැඩි අවදානම සැලකිල්ලට ගනිමින්, සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම වෙනුවෙන් මෙම පූර්ව ආරක්ෂිත පියවර ගෙන ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here