දික්ඔය පිටාර ගලයි. නිවාස රැසක් ජලයෙන් යටවෙයි

0
6

කාසල්රී ජලාශයට හැටන් සිට ජලය ගලා බසිනා දික්ඔය පිටාර ගැලීම හේතුවෙන් අද (03) දින ඇළ දෙපස පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ. මීට පෙර 2013 වසරේදී ද දික්ඔය පිටාර ගැලීමෙන් මෙවැනිම දැඩි විපතක් සිදු වූ බව සිහිපත් කරන ප්‍රදේශවාසීන්, යළිත් වරක් ඇළ පිටාර ගැලීම නිසා තම නිවාස මෙලෙස ජලයෙන් යට වීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරති.

මේ අතර, පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් ද මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here