සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාද් සහ සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති අබ්දුල් හාඩි අල්-ගර්නි අතර විශේෂ හමුවක් රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන ලදී.
ඉදිරියේදී පැවැත්වෙන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ (Sri Lanka Expo 2027) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම පිණිස උසස් පෙළේ සෞදි ව්‍යාපාරික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සංවිධායකත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.
මෙම හමුවේදී අදහස් දක්වමින් සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා සඳහන් කළේ, සෞදි ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට සහ ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කවුන්සිලයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.



