මොරොක්කෝ සීමාවෙන් ස්පාඤ්ඤයට 60,000කට අධික සංක්‍රමණිකයන් පිරිසක්. මරණ 57ක්!

0
7

උතුරු අප්‍රිකාවේ පිහිටි කුඩා ස්පාඤ්ඤ දූපත් ප්‍රදේශයක් වන සේයුටා (Ceuta) නගරයේ දේශසීමාව ඔස්සේ පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලදී පමණක් මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයන් 60,000කට අධික පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව ප්‍රාදේශීය නිලධාරීන් තහවුරු කරයි. මෙම සංඛ්‍යාව එම නගරයේ සමස්ත ජනගහනයෙන් 70%කට ආසන්න ප්‍රමාණයකි.

මෙම දැවැන්ත සහ අවදානම් සහගත දේශසීමා තරණය කිරීමේ උත්සාහයේදී මුහුදේ ගිලීමෙන් සහ ඇති වූ තෙරපීම් (Stampede) හේතුවෙන් අවම වශයෙන් සංක්‍රමණිකයන් 57 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම හදිසි සංක්‍රමණික රල්ල පිටුපස ස්පාඤ්ඤයේ සංක්‍රමණික ප්‍රතිපත්ති සහ නීති රීති පිළිබඳව සමාජ මාධ්‍ය සහ ජාවාරම්කරුවන් විසින් පතුරුවා හරින ලද පදනම් විරහිත සහ අසත්‍ය තොරතුරු බලපා ඇති බව ස්පාඤ්ඤ බලධාරීන් පවසයි. මෙම තත්ත්වය හමුවේ ස්පාඤ්ඤ රජය දැඩි දේශපාලන සහ මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින අතර, දේශසීමා ආරක්ෂාව තර කිරීමට කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here