අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

0
26
Torrential rain causing flood.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (31) දිනය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මෙලෙස වැසි වාර උදාවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පවා ඇතිවීමේ හැකියාවක් පවතී.

මීට අමතරව අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි වුවද, දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.

වැසි තත්ත්වයට අමතරව රට තුළ තද සුළං තත්ත්වයක් ද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලට මෙන්ම රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලට විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් හමන තද සුළං ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here