සුගීෂ්වර බණ්ඩාර ලබන 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

0
6

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාව ලබන 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය. අද පෙරවරුවේ සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන අතරතුර, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරමින්, ජනාධිපති වැය ශීර්ෂය යටතේ රජයෙන් වැටුප් දෙකක් ලබාගැනීම මොහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.

විමර්ශන නිලධාරීන්ට අනුව ඔහු ජනාධිපති ලේකම්වරයා ලෙස රුපියල් දහනව ලක්ෂ තිස්තුන්දහස් හැටපහක මුදලක් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රුපියල් හතලිස් දෙලක්ෂ විසිහයදහස් අටසීය අසූ හතරයි සත පනස් නවයක මුදලක් අවභාවිත කර ඇත.

මේ අනුව සැකකරු පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි සිදුකර ඇති බව විමර්ශකයින් අධිකරණයට පෙන්වා දී තිබේ. මීට අමතරව, සුගීෂ්වර බණ්ඩාර මහතා මෙම තනතුරු දරන සමයේ රජයේ වාහන අවභාවිත කිරීම සහ එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here