සුරේෂ් සලේගේ පෙත්සම කල්යයි

0
3

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන අගෝස්තු මස 25 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අතර, එහිදී විනිසුරු මඩුල්ල තීරණය කළේ පෙත්සමට අදාළ වැඩිදුර කරුණු තහවුරු කිරීම එදිනට සිදු කිරීමටයි.

ඒ අනුව, මෙම සිද්ධියට අදාළ ඉදිරි නීතිමය කරුණු දැක්වීම් අගෝස්තු 25 වනදා මධ්‍යයේ සිදු කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here