කැස්පියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉරාන වාණිජ නෞකාවකට යුක්‍රේනය විසින් එල්ල කළ ප්‍රහාරයට නිසැකවම ප්‍රතිචාර දක්වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි පවසයි.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු අවධාරණය කර ඇත්තේ, යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම ඊශ්‍රායලයේ අවශ්‍යතාව මත යුරෝපය වෙත යුද්ධය ව්‍යාප්ත කිරීමක් බවයි.
මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය සහ රුසියාව සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති බව පෙන්වා දෙන විදේශ අමාත්‍යවරයා, යුක්‍රේනය සිදුකළ මෙම ක්‍රියාවට එරෙහිව ඉරානය ස්ථිර වශයෙන්ම ප්‍රතිප්‍රහාර එල්ල කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

