Travel And Tour World (TTW) ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ලොව හොඳම වෙරළ සංචාරක ගමනාන්ත 50 අතර 20 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
ස්වාභාවික සුන්දරත්වය, සංචාරක යටිතල පහසුකම්, තිරසාර සංචාරක කර්මාන්තය සහ ප්‍රවේශ පහසුකම් වැනි ක්ෂේත්‍ර රැසක් ඇගයීමට ලක් කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.
එහිදී ලෝක ප්‍රසිද්ධ සර්ෆින් (Surfing) වෙරළ තීරයන්, රන්වන් වැලි සහිත වෙරළ, පොහොසත් මුහුදු ජීව විවිධත්වය මෙන්ම ශ්‍රී ලංකාවටම ආවේණික වූ සුවිශේෂී වෙරළ සංස්කෘතිය මෙලෙස ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වීමට ප්‍රධාන හේතු වී ඇති බව TTW ආයතනය පෙන්වා දෙයි.

