මලල ක්‍රීඩා තේරීම් කමිටුව කරුණු කිහිපයක් මුල්කොට ගෙන තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දී තිබේ.
හිටපු ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ ඩී.ඒ. දයාරත්න මහතා, හිටපු ජාතික මලල ක්‍රීඩකයෙකු සහ වාර්තා හිමිකරුවෙකු වන කර්නල් එම්.කේ.පී. ජයසේකර මහතා මෙන්ම හිටපු පොදු පාසල් වාර්තා හිමිකරුවෙකු වන රවි විද්‍යාලංකාර මහතා යන මහත්වරුන් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත.

