යෝෂිත රාජපක්ෂගේ නඩුව කල් යයි

0
5

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය එළැඹෙන අගෝස්තු මස 20 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.

මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සිය සේවාදායකයා දැනට අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

ඉදිරිපත් වූ වෛද්‍යමය කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අගෝස්තු 20 වනදා දක්වා කල් තැබීමට තීරණය කළ අතර, එදින සාක්ෂි දීම සඳහා පැමිණ සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන්ට මීළඟ නඩු දිනයේදී ද අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කරනු ලැබීය.

දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් රුපියල් ලක්ෂ 730 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here