වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය දැඩි ලෙස සීමා කිරීමට වියට්නාම රජය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම යෝජිත නව නීතිරීතිවලට අනුව, වයස අවුරුදු 16ට අඩු බාල වයස්කරුවන්ට සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ අදහස් පළ කිරීම (Posting) හෝ විවිධ දේ සඳහා ප්‍රතිචාර දැක්වීම (Commenting) සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, මෙම වයස් කාණ්ඩයේ පසුවන දරුවෙකුට සමාජ මාධ්‍ය ගිණුමක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා අනිවාර්යයෙන්ම දෙමාපියන්ගේ හෝ නීත්‍යානුකූල භාරකරුවෙකුගේ තොරතුරු ඇතුළත් කළ යුතු බව ද එහි සඳහන් වේ.
බාල වයස්කරුවන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම සහ ඉන් සිදුවන අහිතකර බලපෑම් වැළැක්වීම අරමුණු කරගනිමින් මේ වන විට ලොව පුරා රටවල් රැසක් මෙවැනි දැඩි සීමා පැනවීමට පියවර ගනිමින් සිටියි.

