හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පැමිණෙයි

0
14

තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ රිට් පෙත්සම අද (23) නැවත සලකා බැලීමට නියමිතය. මෙම පෙත්සම් විභාගය සිදුවන ආකාරය දැකබලා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මීට සුළු වේලාවකට පෙර අභියාචනාධිකරණය වෙත පැමිණියේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පසුගිය 09 වැනිදා මෙම පෙත්සම සිව්වන දිනටත් සලකා බැලුණු අතර, එහි වැඩිදුර විභාගය අද දින දක්වා කල් තැබුණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය පසුගියදා අධිකරණයට ප්‍රකාශ කළේ, ශානි අබේසේකර මහතා තමන්ට එරෙහිව ද්වේෂසහගතව කටයුතු කළ බව ඔප්පු කිරීමට අවශ්‍ය කිසිදු සාක්ෂියක් පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here