පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කරන්නේ, මේ වන විට දැඩි ලෙස වර්ධනය වී ඇති එල්-නිනෝ කාලගුණ තත්ත්වයේ උච්චතම අවස්ථාව පෙර අපේක්ෂා කළ කාලයට වඩා කලින් පැමිණිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇති බවයි.
එල්-නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, මෙම තත්ත්වය එළඹෙන නොවැම්බර් මාසය වන විට උපරිම මට්ටමකට ළඟා විය හැකි බවයි.
මේ හේතුවෙන් ඉදිරි ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසයන් ඉතා දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පවතින කාලසීමාවක් වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

