අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර මාලාවක්

0
20

ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඇමෙරිකානු හමුදාව විසින් ඉරානයේ හමුදා ඉලක්ක වෙත තවත් ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදුන් නියෝගයකට අනුව ඇමෙරිකානු වේලාවෙන් සවස 5.30 ට පමණ මෙම ප්‍රහාර දියත් කර ඇති අතර, මෙවර ප්‍රහාර මාලාවත් සමඟ ඇමෙරිකාව ඉරානයට එරෙහිව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන 12 වන දිනය සනිටුහන් වේ.

කලාපීය මුහුදු මාර්ගවල ගමන් ගන්නා වාණිජ නෞකා වෙත තර්ජනයක් එල්ල කිරීමට ඉරානය සතු හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම හමුදා ක්‍රියාමාර්ගයේ ප්‍රධාන අරමුණ බවද ඇමෙරිකාව වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here