දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගයට අදාළව අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව හා පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නපත්‍රය නොපැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව අදට නියමිත විෂය ජුලි මස 24 වන දින පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම්දී ඇත.
ප්‍රශ්නපත්‍රය මුද්‍රණයේ දී ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මේ වනතුරු ප්‍රශ්නපත්‍රය කොට්ඨාස කාර්යාල වෙත යොමු නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කලාපයේ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇතැයි ද වාර්තා වේ.

