බොරතෙල් මිල ඉහළට

0
17

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව යළිත් වර්ධනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින මෙම ගැටුම්කාරී වටපිටාව හේතුවෙන් ඉදිරියේදී ගෝලීය ඉන්ධන සැපයුම් ජාලයන්ට බාධා එල්ල විය හැකි බවට ඇති වී තිබෙන බිය, බොරතෙල් මිල මෙලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන බොරතෙල් වර්ග තුනෙහිම මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල සියයට 2.39කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 84.46ක් ලෙස සටහන් වේ. එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 2.62ක වර්ධනයක් පෙන්වමින් ඇමෙරිකානු ඩොලර් 90.41ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මර්බන් බොරතෙල් බැරලයක මිල ද සියයට 4.62ක සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 81.32ක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.

මෙම යුද ගැටුම් තවදුරටත් අඛණ්ඩව වර්ධනය වුවහොත්, ඉදිරියේදී ගෝලීය බොරතෙල් මිල ගණන් මීටත් වඩා වේගයෙන් ඉහළ යා හැකි බවට ගෝලීය ආර්ථික විද්‍යාඥයින් විසින් මේ වන විටත් අනතුරු අඟවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here