ඩෙංගු අවදානම වැඩි වෙයි

0
11

දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ පමණක් තවත් මරණ 3ක් වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් ඇත. රෝග ව්‍යාප්තියේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 74,478ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 75,000 සීමාවට ආසන්න වෙමින් පවතී.

ජූලි මාසය ආරම්භයේ සිටම රෝගීන් වාර්තා වීම වේගවත් වී ඇති අතර, ගතවූ දින 17ක කාලය තුළ පමණක් රෝගීන් 19,100 දෙනෙකු හඳුනාගෙන තිබීම විශේෂත්වයකි. වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින මෙම රෝගී ව්‍යාප්තියෙන් තවදුරටත් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතටයි.

එම පළාත තුළ ද වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, මේ වනවිට එතැනින් පමණක් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 15,596ක් දක්වා ඉහළ ගොස් තිබේ. සැමගේ අවධානය සහ කඩිනම් මර්දන ක්‍රියාමාර්ග මේ මොහොතේ අත්‍යවශ්‍ය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here