කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව, අද (18) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මෙම ප්‍රදේශවලට මෙලෙස වැසි සහිත තත්ත්වයක් අපේක්ෂා කළද, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි.
කෙසේ වෙතත්, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනයේදී සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැක. ඒ අනුව උතුරු, උතුරු-මැද සහ වයඹ යන පළාත්වලත්, මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

