ශ්‍රී ලංකාවේ සෑම වසරකම අකුණු අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 50කට අධික සංඛ්‍යාවක් සිදුවන බවත්, අකුණු ආරක්ෂණය පිළිබඳ පවතින අඩු අවධානය නිසා තවත් විශාල පිරිසක් තුවාල ලබන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මෙම අනතුරුදායක තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස ජාතික අකුණු ආරක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු සඳහන් කළේය.
මහාචාර්යවරයා මේ බව කියා සිටියේ ආතර් සී ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

