ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිත 2026 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය.
මෙම ක්‍රීඩා උළෙල 2026 ජූලි 23 වැනිදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, එහිදී ක්‍රීඩා ඉසව් හතක් යටතේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදීමට නියමිතව ඇත.
මෙවර තරගාවලියට සුදුසුකම් ලබා සිටින සමස්ත ශ්‍රී ලංකා සංචිතයට පිරිමි ක්‍රීඩකයින් 27 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඇතුළත් වේ

