නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාණන්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කරති.

0
5

කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාණන්ගේ අභාවය වෙනුවෙන් සිය බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා අද දින කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය වෙත පැමිණියේය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කතානායක රිස්ව් සාලි මහතා ද එක්ව සිටියේය.

​එහිදී ශ්‍රී ලංකාවේ කටාර් රාජ්‍ය තානාපති අතිගරු ජසීම් බින් ජාබිර් ජසීම් අල්-සුරූර් තුමාණන් හමු වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය කතානායකවරයා, වත්මන් අමීර් අතිගරු ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි උතුමාණන් වෙතත්, කටාර් රාජකීය පවුල සහ වැසියන් වෙතත් තමන්ගේ සහ ශ්‍රී ලංකා රජයේ බලවත් ශෝකය පිරිනමන ලදී.

​කටාර් රාජ්‍යයේ නූතන පුනරුදයේ නියමුවාණන් වූ හිටපු අමීර්වරයාණන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ සමීප මිත්‍රත්වය සහ සහෝදරත්වය කෘතඥපූර්වකව සිහිපත් කරමින්, අභාවප්‍රාප්ත අමීර්වරයාණන්ට මරණින් මතු ජීවිතයේ උත්කෘෂ්ටතම ස්වර්ග රාජ්‍යය ප්‍රාර්ථනා කළ අතර නියෝජ්‍ය අමාත්‍යවරු දෙපල, කටාර් රාජ්‍යය මුහුණ දෙන මෙම දුෂ්කර මොහොතේ ශ්‍රී ලංකාව සැමවිටම ඔවුන් සමඟ ළඟින් සිටින බව ද අවධාරණය කළහ.

​මෙම ශෝකී අවස්ථාව සනිටුහන් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය කතානායකවරයා තානාපති කාර්යාලයේ තබා ඇති විශේෂ ශෝක සටහන් පොතෙහි ද අත්සන් තැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here