හිටපු ඇමති කුමාර ජයකොඩිගේ නඩුව විභාගයට ගැනීමට දින දෙයි

0
10

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන සැප්තැම්බර් මස 7 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩු විභාගය අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවූ අතර, එහිදී පැමිණිල්ල පාර්ශවයේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය. ඉන් අනතුරුවයි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් 7 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුව ගොනුකර ඇත්තේ 2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ වංචාවක් මුල් කරගනිමිනි. එහිදී සමාගමේ ගබඩා සංකීර්ණය කාපට් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පැවරීමේදී, අදාළ සමාගමට අයුතු වාසි සහගත ආකාරයෙන් කටයුතු කරමින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here