බ්‍රිතාන්‍යයේ යෞවනයන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා

0
11

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 16 සහ 17 අතර යෞවනයන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීතියක් හඳුන්වා දීමට එරට රජය තීරණය කර තිබේ.

මේ යටතේ නියමිත රාත්‍රී කාලයේ සිට උදෑසන 6 දක්වා වයස අවුරුදු 16 සහ 17 අතර දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට සැලසුම් කර ඇති අතර, එහි විස්තර ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර, පසුගිය මාසයේදී එක්සත් රාජධානිය වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා Snapchat, TikTok, YouTube, Instagram සහ Facebook ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා භාවිතය තහනම් කිරීමට ද තීරණය කළේය.

එම නීති 2027 වසරේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පියවර ගෙන ඇත්තේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම, අන්තර්ජාලයට ඇබ්බැහි වීම අවම කිරීම සහ සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් පාලනය කිරීමේ අරමුණෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here