අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ 2026 ජූලි මාසයට අදාළ දීමනා අද (15) දින ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව අදියර දෙකක් යටතේ සමස්ත ප්රතිලාභී පවුල් 1,224,459ක් වෙනුවෙන් රුපියල් බිලියන 11.83කට ආසන්න (රු. 11,825,596,250ක) මුදලක් අද දිනයේ පමණක් පිරිනැමීමට නියමිතය.
මෙහි පළමු අදියර යටතේ පවුල් 1,012,812ක් සඳහා රුපියල් බිලියන 9.36ක මුදලක් ද, දෙවැනි අදියර යටතේ පවුල් 211,647ක් සඳහා රුපියල් බිලියන 2.47ක මුදලක් ද වශයෙන් අදාළ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

