පෙර පාසල් දරුවන්ටත් අත්පා ආවරණය වන ඇඳුම් ඇන්දවීමට පියවර

0
11

මුල් ළමාවිය ජාතික සතිය සැමරීම වෙනුවෙන් අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය විශේෂ ප්‍රකාශයක් සිදු කළාය.

එහිදී ඇය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පෙර පාසල් දරුවන්ගේ ද අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසවා ඔවුන් පෙර පාසල් වෙත යොමු කරන ලෙසයි.

පාසල් ළමුන් අතර ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අවම කිරීමේ අරමුණින්, අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර පාසල් සිසුන්ට අවසර ලබා දී තිබුණි.

එම තීරණයට සමගාමීව යමින්, පෙර පාසල් දරු දැරියන්ගේ ද සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරනු පිණිස මෙලෙස අත්පා හොඳින් ආවරණය වන ඇඳුම් භාවිත කරන ලෙස අමාත්‍යවරිය දෙමව්පියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here