යුක්රේන අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති සෙලෙන්ස්කි තීරණය කරයි

0
10

යුක්රේන අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ යුලියා ස්වෙරිඩෙන්කෝ එම ධුරයෙන් ඉවත් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි තීරණය කර තිබේ. ජනාධිපති සෙලෙන්ස්කි විසින් ඇයව මෙම ධුරයට පත් කරනු ලැබුවේ 2025 ජූලි මාසයේදී වන අතර, ඇය වසරක පමණ කාලයක් යුක්රේනයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ ද, අග්‍රාමාත්‍යවරිය ලෙස යුලියා සිය රාජකාරි ඉතා ප්‍රශංසනීය අයුරින් ඉටු කළ බව ජනාධිපතිවරයා විශේෂයෙන් අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, යුලියා ස්වෙරිඩෙන්කෝ මහත්මියගෙන් පසුව පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ කාටද යන්න හෝ ඇයට මීළඟට පැවරෙන නව තනතුර කුමක්ද යන්න පිළිබඳව ජනාධිපති සෙලෙන්ස්කි මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

මෙම වෙනස් කිරීමට අමතරව, ඉදිරියේදී එරට දේශපාලන ක්ෂේත්‍රයේ තවත් තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිතය. ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ පුළුල් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමටත්, රටේ නීතිය බලාත්මක කරන ප්‍රධාන ආයතනවල ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කිරීමටත් තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here